News Line| Off Air
Generic placeholder image

May
18

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය කියූ කතාව

1462 Views


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය කියූ කතාව

විදෙස්ගතව අධ්‍යාපනය ලබන තමා මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු නොකර නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති ප්‍රවෘත්ති අසත්‍යක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශක් සිදුකරමින් මේ බව සඳහන් කළා.

තාම ඉගෙනුම ලබන්නේ බෙලරූස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයක් තුළ බවත් එම විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික ළමුන් 400ක් පමණ ඉගෙන ගන්නා බවත් ඇය මෙහිදී පැවසුවා.

එම විශ්වවිද්‍යාලයේ ජුනි මස අඟදී පැවැත්වීමට නියමිත අවසන් වසර පරීක්ෂණය නිමවීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය වැඩිදුරටත් පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post