News Line| Off Air
Generic placeholder image

May
18

ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

1479 Views


ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයක් ඊයේ(17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංඛ්‍යාවක් ගොඳුරුවී ඇති බවට එම සංගමයට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇතැයි ඔවුන් පවසන අතර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක්ද මෙම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වී ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට තොරතුරු වාර්තා වු බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post