News Line| Off Air
Generic placeholder image

May
19

අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුරේ දෙදෙනෙක් මිය යයි – බලන්ගොඩ නගරය ජලයෙන් යටවෙයි

774 Views


අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුරේ දෙදෙනෙක් මිය යයි – බලන්ගොඩ නගරය ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදු වූ අනතුරු හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශයේ නිවසක කොටසක් නායයාමකට ලක්විමෙන් පිරිමි දරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

පස්කන්දට යටවී සිටි 09 හැවිරිදි එම දරුවා රෝහල් ගත කිරිමේදී මියගොස් තිබෙනවා.

රත්නපුර, ලෙල්ලොපිටිය ප්‍රදේශයේදී නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි කාන්තාවක් මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක්.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් බලන්ගොඩ නගරය ජලයෙන් යටවී තිබෙනවා.

බන්ලගොඩ, පෙට්ටිගල, මැද්දේකන්ද වලේබඩ ප‍්‍රදේශවල පවුල් 40 ක් මෙලෙස තවදුරටත් වර්ෂාව පැවතියහොත් නායයාමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන යාමට කටයුතු කරන බව බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේඛම් හේමන්ත බණ්ඩාර සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post