නිරෝධායන පනත උල්ලංඝනය කරමින් පවත්වා ගෙන ගිය කොණ්ඩ කැපීමේ ස්ථානයක් මුද්‍රා තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ(18) දින කටයුතු කර තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තබා ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරවිටාගාරය – වීරකැලේ වත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කොණ්ඩ කැපීමේ ස්ථානයක්.
මෙම ස්ථානය විවෘත කිරීමට අවසර ලබා දුන්නත් එහි රැවුල කැපීමට අවසර ලබා නොදීමට සෞඛ්‍ය අංශ තීරණය කළා.
ඒ අනුව කොන්දේසි මාලාවකට යටත්ව කොණ්ඩ කැපීමේ ස්ථානය පවත්වා ගෙන යාමට අවසර ලබා දීම පසුගියදා සිදු කර තිබෙනවා.
කරවිටාගාර – වීරකැලේ වත්ත ප්‍රදේශයේ කොණ්ඩ කැපීමේ ස්ථානය පවත්වා ගෙන යන අය විසින් කීප දෙනෙකුගේ රැවුල කැපීම සිදු කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව එම ස්ථානය පරීක්ෂා කර මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් බව සදහන්.
මෙම කොණ්ඩ කැපීමේ ස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පවත්වන ලද උපදෙස් මාලාව ලබා ගැනීමට හෝ පැමිණ නොමැති අයෙකු බවට එහිදී හෙලිවී තිබෙනවා.
ඔහුට එරෙහිව නීරෝධායන පනත අනුව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන දිනේෂ් චතුරංග අධිකාරී සහ චතුරංග මුණසිංහ යන නිලධාරීන් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කර ඇති බව සදහන්.