News Line| Off Air
Generic placeholder image

May
19

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු නිලධාරින් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට

1741 Views


බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු නිලධාරින් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට

11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව යුධ හමුදා නිලධාරින් 177 දෙනෙකුට උසස්විම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම උසස්විම් ලැබූ පිරිස අතරට මේජර් ජෙනරාල්වරුන් 05 දෙනෙකු ද අයත් වන බව යුධ හමුදාව සඳහන් කළා.

ඒ අනුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදින් පිරිසකට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ද මේජර් ජෙනරාල් ධුරයට උසස් කර තිබෙනවා.

අද පස්වරුවේ ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post