News Line| Off Air
Generic placeholder image

May
19

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින් 11 දෙනා සමග සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 992 ක් වෙයි

621 Views


ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින් 11 දෙනා සමග සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 992 ක් වෙයි

තවත් කොරෝනා ආසාධිතයන් 11 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අවසන් වරට වාර්තා වූ ආසාධිතයින්ගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර රෝහල්ගතව සිට ප‍්‍රතිකාර ලැබූ තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 559 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පසුගිය කාලසීමාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වූ කිසිවෙකු සාමාන්‍ය සමාජයෙන් හමු නොවුනද සමාජයේ යම් යම් කණ්ඩායම් තුළ කොරෝනා ආසාධනය වූවන් සිටීමට ඉඩ ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අහඹු ලෙස පී.සී.ආර් පරීක්‍ෂණ සිදුකළ යුතු කණ්ඩායම් සොයා විශේෂ බුද්ධි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ යුතු බව එම සංගමයේ ලේඛම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post