News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

අම්ෆන් නැගෙනහිර ඉන්දියාවට ඇතුළු වෙයි

1112 Views


අම්ෆන් නැගෙනහිර ඉන්දියාවට ඇතුළු වෙයි

අම්ෆන් සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංගලාදේශයට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ සහ බංගලාදේශයේ වෙරළබඩ ප‍්‍රදේශයට දැඩි සුළං සහ වැසි තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුළි කුණාටුවේ බලපෑම පිලිබද අනතුරු ඇගවීම හේතුවෙන් වෙරළබඩ ප‍්‍රදේශ වල ජීවත් වන මිලියනයකට අධික ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

1999 වසරේ ඉන්දියාවට දැඩි බලපෑමක් සිදුකළ සුළි කුණාටුවක් ආකාරයෙන් අම්ෆන් සුළි කුණාටුවෙන්ද දැඩි හානියක් සිදුවනු ඇති බවට අපේක්‍ෂා කෙරෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම හේතුවෙන් ගෙන ඇති ආරක්ෂිත පියවර හමුවේ සුළි කුණාටුවෙන් ආරක්ෂා වීමට ජනතාව ඉවත් කිරීමේදි බලධාරීන් ගැටලුවලට මුහුණ දී ඇතැයි සදහන්.

අද ඉන්දියාවට ඇතුළු මෙම සුළි කුණාටුව හෙට දිනයේදි බංගලාදේශයට සහ භූතානයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post