අවදානමක් නොමැති දිස්ති‍්‍රක්ක හා පළාත් අතර පොදු මගීබස් රථ ධාවනයට අද අවසර ලැබෙන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පැවසුවා.
මෙලෙස මගී බස් රථ ධාවනය වුවද ඒවායේ ගමන් කිරීමට හැකි වන්නේ අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් බවත් බස් රථ තුළදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම අනිවාර්ය බවත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක අතර ගමනාගමනයට පොදු මගී බස් රථ වලට අවසර හිමිවන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ ප‍්‍රවාහන අමාත්‍යංශයේදී පැවති අතර ඊට පොලිස්, සෞඛ්‍ය, ලංගම, දුම්රිය ජාතික ගමනාගමන කොමිසන් සභාව මෙන්ම පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරි වල සභාපතිවරුන්ද එක්ව සිටියා.