News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

කොරෝනා ආසාධනය වී සුවය ලැබූ නාවිකයන් ගණන 221 දක්වා ඉහළට

918 Views


කොරෝනා ආසාධනය වී සුවය ලැබූ නාවිකයන් ගණන 221 දක්වා ඉහළට

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර ඔවුන්ගෙන් 07 දෙනෙකු නාවික මහ රෝහලෙහිද, සිව් දෙනෙකු IDH රෝහලෙහිද, එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගත් බව සදහන්.

ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කළ PCR පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ (19) එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කළා.

මෙම නාවික හමුදා පුද්ගලයින් 12 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා සාමාජිකයින් 221ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා.

එසේම රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post