News Line| Off Air
Generic placeholder image

May
21

මැතිවරණ දිනය සම්බන්ධයෙන් වන ඡන්ද පෙත්සම් සලකා බැලීම 04 වන දිනටත්

834 Views


මැතිවරණ දිනය සම්බන්ධයෙන් වන ඡන්ද පෙත්සම් සලකා බැලීම 04 වන දිනටත්

පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස ඉල්ලා සහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් හතරවන දිනටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙනවා.

ඒ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙම පෙත්සම් ඊයේ තුන්වන දිනයේ සලකා බැලූ අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ වර්ථමානයේ උදා වී ඇති තත්ත්වය මත ජූනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට ප‍්‍රායෝගිකව හැකියාවක් නොමැති බවයි.

රට තුළින් කොරෝනා වසංගතය පහව ගොස් මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් පවතින බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර සති 09 ත් 12 ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්වීමට හැකි දිනය ප‍්‍රකාශයට පත්කරන බවද ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

මෙම දැනුම්දීමත් සමග මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post