News Line| Off Air
Generic placeholder image

May
21

වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ

7297 Views


වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ

ප‍්‍රවීන සංගීතඥ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා රෝගාතුරුව මේ මොහොත වන විට පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක සදහන් කළා.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සදහන් කර සිටියේ තමන් සහ තම වැඩිමහල් සොයුරිය ඔහු බැලීමට ගිය බවයි.

තම පියාට තරමක් අසාධ්‍ය බවද දැනගන්නට ලැබුණ බව ඔහු සදහන් කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ ද අල්විස් සිය ෆේස් බුක් පිටුවේ මෙවන් සටහනක් පළ කර තිබුණා.

“වික්ටර් මාමෙ. ඔයාගෙ දරුවො හතර දෙනා එක්ක මම ඔයාගෙ පස්වෙනි දරුව වගේ රැක්කෙ තාත්තගෙයි ඔයාගෙයි ගහට පොත්ත වගේ තිබ්බ බැදීම නිසා කියල ඔයාමයි කිව්වෙ. අදටත් මතකයි වික්ටර් මාමයි චිත්‍රා අම්මයි චානි, ජයන්ත, මංජු, ලෙලූ එක්ක මට හිතුවක්කාර චන්ඩි පැටියා කියල මාව තනි වෙන්න නොදී අයියලා අක්කලා එක්ක සහෝදර බැදීම හදපු හැටි. එදා වික්ටර් මාමා හදපු දරු පවුර තාම තියෙනව. චානි අක්කයි ජයන්ත අයියයි ගියාට ලෙලුයි මමයි මංජු අක්කයි තාම ඉන්නව. ඒක නිසා තව ටිකක් හදවතේ ගැස්ම අල්ලන් ඉමු. ආයෙ සිංදු ගයමු ඉක්මනින්. වික්ටර් මාමට ආදරේ කරන ලක්ශ ගානක මිනිස්සු ඉන්නව එලියේ බලාගෙන අහන්න තනි තරුවේ….. අපේ හුස්මත් අරන් ඉක්මනින් සුව වෙන්න වික්ටර් මාමේ….”


News Articles
Latest Videos
Most Popular Post