අද දහවල් 01.00 ත් 01.45 අතර කාලය තුල මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේදී , මිරානියා මාවතේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මුදල් ආධාර බෙදාදීමේ වැඩ සටහනකට සහභාගී වූ පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙන අතර එම අවස්ථාවට 300 ක පමණ පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වෙනවා. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු තවත් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මේවන විට රෝහලට ඇතුළත් කර ඇති බවයි.