News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

ඇඳිරි නීතිය පිළිබද නවතම නිවේදනය

1905 Views


ඇඳිරි නීතිය පිළිබද නවතම නිවේදනය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(23) රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරෙයි.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි 26 වන දා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.


News Articles
Latest Videos
Most Popular Post