ඊයේ මාළිගාවත්ත ජුම්මා මස්ජිද් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් රෝගතත්වය හේතුවෙන් මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරිමට නියමිත බවද වාර්තා වෙනවා.