News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 660ක්

784 Views


සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 660ක්

අද(23) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 13 දෙදෙනකු හඳුනාගැනිමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් 13 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් සියයට 58.66 ක ප්‍රතිශතයක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 399 ක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post