News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

කොළඹ පුද්ගලයින් 3252 ක් PCR පරීක්ෂාවට

629 Views


කොළඹ පුද්ගලයින් 3252 ක් PCR පරීක්ෂාවට

පසුගිය සති 6 ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252 ක් PCR පරීක්ෂණයට ලක් කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු කළ PCR පරීක්ෂණ ප්‍රමාණය 50,000 කට අධිකය.මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී පමණක් රෝගීන් 21 දෙනෙකු වාර්තා විය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, තව ත් රෝගීන් 420 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 660 කි.මේ වනවිට කොරෝනා අසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post