News Line| Off Air
Generic placeholder image

May
24

ජනපතිගේ රාමසාන් පණිවිඩය

776 Views


ජනපතිගේ රාමසාන් පණිවිඩය

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය ‍අදට යෙදී තිබේ. ඉස්ලාම් දින දර්ශනයට අනුව ෂවුවාල් මාසයේ නව සඳ ඊයේ දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය රාමසාන් දින සැමරුම අද පැවැත්වීමට තීරණය කළේ ය.

ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන්නේ මාසයක උපවාසයකින් අනතුරුවය.

මේ අතර අතිශය සංකීර්ණ, එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණදී සිටින මෙවන් වකවානුවක සහනශීලි වටපිටාවක් නිර්මාණය කරගත හැකිවන්නේ, අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසාන් සමය සමාජයට දෙන පණිවුඩය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අදට යෙදී ඇති රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින්ජ නාධිපතිතුමා පැවසුවේ, ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාම් සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවය.

ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.

අන්තවාදී අදහස් ඉස්ලාම් දහමේ හරයට පසමිතුරු බව සැබෑ ඉස්ලාම් භක්තිකයාගේ පිළිගැනීම යැයි පෙන්වා දෙන ජනාධිපතිතුමා පැවසුවේ, එබැවින් මේ රාමසාන් සමයේ අවිශ්වාසය, සැකය දුරු කර ශුද්ධ අල් කුරාණයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කරගත යුතු බව තමන් විශ්වාස කරන බවය


News Articles
Latest Videos
Most Popular Post