News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවාව අනිද්දා ආරම්භ කිරීමට පියවර

970 Views


කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවාව අනිද්දා ආරම්භ කිරීමට පියවර

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා අනිද්දා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. නිවේනදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව බවයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු අතර බස් රථ තුළ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතු බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කල අතර ඇඳිරි නීතිය ලිහිල් වීම අනුව හා ඊට සමගාමීව රජය විසින් දෙනු ලබන නියෝග අනුව පොදු ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post