News Line| Off Air
Generic placeholder image

May
26

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම 6 වන දිනටත් අද

598 Views


මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම 6 වන දිනටත් අද

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කෙරෙයි.

අද(26) පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව වාර්තා වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන බව සඳහන්.

අද දිනයේ මැතිවරණ කොමිශන් සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් කරුණු දැක්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post