News Line| Off Air
Generic placeholder image

May
26

යළි දැනුම් දෙන තුරු ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

787 Views


යළි දැනුම් දෙන තුරු ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද(26) අවසර හිමි වෙයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පන්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

එමෙන්ම යළි දැනුම් දෙන තෙක් අද සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ කොළඹට පැමිණීම සඳහා දුම්රිය 27ක් යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ මහනගර සභාවෙන් සේවාවන් ලබාගැනීමට ද අද සිට ජනතාවට හැකියාව පවතින බව නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post