News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන 137ක් ඊයේ හඳුනා ගැනේ

534 Views


දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන 137ක් ඊයේ හඳුනා ගැනේ

මෙරට තුළ එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(26) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1319 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 127 දෙනෙකු කුවේට් සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ද වෙයි.


News Articles
Latest Videos
Most Popular Post