News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

සොයිසාපුර හෝටලයකට වෙඩි ප්‍රහාරයක්

1863 Views


සොයිසාපුර හෝටලයකට වෙඩි ප්‍රහාරයක්

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට ඊයේ රාත්‍රීයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, අදාළ ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද අලුයම 12 .30 ට පමණ බවයි. හෝටලයට වෙඩි ප්‍රහාර 12 ක් එල්ල වී ඇතැයි සඳහන් ය.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මින් පෙර ද කිසියම් පිරිසක් විසින් මෙම හෝටලයේ වීදුරු බිඳ හානි සිදුකර තිබේ.කුලී පදනම මත මෙම හෝටලය පවත්වාගෙන ගොස් ඇතැයි, අප වාර්තාකරු පැවසී ය.

පොලීසිය සැක කරන්නේ පෞද්ගලික ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post