News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

7914 Views


ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනිමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යෑමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් සම්පුර්ණ කිරිම සඳහා වසර පහක ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය තහවුරු කිරීම සිදුකළ යුතුයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මඟින් ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු නිකුත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද හිමි නාමලේඛණ තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ අඩවියෙන් ලබාගත හැකි බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරිමෙන් ඡන්ද හිමි නාමලේඛන තොරතුරු හඳුනා ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post