News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ

709 Views


අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද(31) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

රාජ්‍ය අනුග්‍රහය ඇති ව හැටන් නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩංගණයේ දී අවමංගල්‍යය උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සඳහා සෞඛ්‍ය උපදෙස් සහ නිර්ණායකවලට අනුව සීමිත පිරිසක් සහභාගි කර ගැනිමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.

පසුගිය 26 වන දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 55 වන වියේ පසු විය.


News Articles
Latest Videos
Most Popular Post