News Line| Off Air
Generic placeholder image

Jun
1

අද කාලගුණය

598 Views


අද කාලගුණය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වෙයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රිකකයේත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.

මන්නාරම දිස්ත්‍රික්කයේ උදය කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post