News Line| Off Air
Generic placeholder image

Jun
2

කොරෝනා සමයේ පෞද්ගලික අංශ සේවකයින්ගේ පැමිණිලි 15,000 ක්

1901 Views


කොරෝනා සමයේ පෞද්ගලික අංශ සේවකයින්ගේ පැමිණිලි 15,000 ක්

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස දෙකක කාලය තුළ පෞද්ගලික අංශයේ සේවකයින්ට බලපෑ ගැටලු පිළිබඳ පැමිණිලි 15, 000 ට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ එම පැමිණිලි පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පසුගියදා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදුන් බවයි.

සේවකයන් සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නොගෙවීම සහ වැටුපෙන් කොටසක් ගෙවීම යන පැමිණිලි බහුල වශයෙන් ලැබී ඇති ද බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් එම ආයතන ප්‍රධානීන් කැඳවා සෘජුව සාකච්ඡා කර එම ගැටලු සමතයකට පත්කිරීමට කටයුතු කරමින් පවතින බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post