News Line| Off Air
Generic placeholder image

Jun
2

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද

583 Views


මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අදාළ පෙත්සම් පිළිබද කරුණු සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරු 3.00ට එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දින 10ක කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලුවේය.

ඒ අනුව පෙත්සම් වැඩිදුර විභාගය සඳහා අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබදව අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post