News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ දෙදෙනෙකු රිමාන්ඩ්

1030 Views


අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ දෙදෙනෙකු රිමාන්ඩ්

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ අන්තර්ජාල බැංකු ගනුදෙනු ඔස්සේ පෞද්ගලික ආයතනවල විද්‍යුත් ලිපින හරහා ව්‍යාජ පණිවුඩ යවමින් අදාළ පුද්ගලයින් තම බැංකු ගිණුම් වෙත මුදල් ලබාගෙන ඇති බවයි.

මේ සඳහා ව්‍යාජ හැඳුනුම්පත් ද ඔවුන් භාවිත කර තිබේ.

මේ වනවිට රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් මෙලෙස ලබා ගෙන ඇතැයි පොලීසිය සැක පල කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නු‍ගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඩුබායිහි සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ හැඳුනුම්පතක්, බැංකු 5ක ගිණුම් පොත් හා විවිධ බැංකුවලින් ලබා ගත් ඉතුරුම් ගිණුම් කාඩ් පත් 17ක් සොයාගෙන තිබේ.

මේ අතර මුදලින් රුපියල් දෙලක්ෂ එකොළොස්දහසක් , ලැප්ටොප් පරිගණක දෙකක් හා ඔවුන් භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ සඳහා නයිජීරියානු ජාතිකයින් කිහිපදෙනෙකු ද සම්බන්ධ අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post