News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
3

ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 40ක්

1503 Views


ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 40ක්

ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අනුව ඊයේ රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු අතර සමස්තය 1683 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අනුව පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.


News Articles
Latest Videos
Most Popular Post