දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද සුළ සහ අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීමට කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.