News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ලොව පුරා කොරෝනාව බිලිගත් ජිවිත ගණන ලක්ෂ හතර ඉක්මවා යයි

708 Views


ලොව පුරා කොරෝනාව බිලිගත් ජිවිත ගණන ලක්ෂ හතර ඉක්මවා යයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ මේ වන විට මරණ එක් ලක්ෂ 12,096ක් වාර්තා වී ඇති අතර රෝගීන් 19 ලක්ෂ 88,461ක් වාර්තා වී ඇති බව සදහන්.

මේ අතර ඉන්දියාව ඉතාලිය අභිබවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඉතාලියෙන් ආසාදිතයින් දෙලක්ෂ 34,801 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන්දියාවෙන් ඊයේ (06) දිනය වන විට ආසාදිතයින් දෙලක්ෂ 46,622 කු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


News Articles
Latest Videos
Most Popular Post