News Line| Off Air
Generic placeholder image

Jun
7

පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

939 Views


පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද (07) පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවයි.

පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි.

මෙහිදි සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මධ්‍යස්ථාන සකස් කරගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගත වන කාලය පිළිබදව පරික්ෂා කිරීමට නියමිතයි.

මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව සදහා ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදාගැනීමට සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධයස්ථාන පවත්වාගෙන යාමේ දී මතුවිය හැකි ගැටලු හදුනාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි.

දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post