ඇමෙරිකානු පොලිස් නිලධාරියෙක් අතින් අමනුෂිය ලෙස මිය ගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා සිදු කරන ලද වීඩියෝ සහ ප්‍රකාශන ගණනාවක් ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කළ බව දක්වමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මගින් මකා දැමීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනපතිගේ මෙම ප්‍රකාශනයන් පිලිබදව හා මිට පෙර මෙම පොස්ට් ඉවත් කරන ලෙසට විරෝධය පල කරමින් ෆේස් බුක් ආයතනයේ ඇතැම් සේවකයින් ඉල්ලා අස්වූ බවටද වාර්තා වුණා. ට්‍රම්ප් විසින් දිගින් දිගටම සමාජ මාධ්‍ය වලට විරුද්ධව සිදු කරන තර්ක හේතුවෙන් දින ගණනවක් විමර්ශනය කිරීමෙන් අනතුරුව ෆේස්බුක් සමාගම මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.