News Line| Off Air
Generic placeholder image

Jun
7

හෙට සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනයට

636 Views


හෙට සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනයට

හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුම්රිය සහ බස් රථවල මගීන් ගෙනයාමට උපදෙස් ලබා දි ඇති බවයි.

මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර අත්‍යවශ්‍ය කරුණකට හැර බස් රථවලින් ගමන් කිරීම සීමා කළ යුතු බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය.

හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට අවසර ලබාදුන්න ද සෞඛ්‍ය නීතිවලට අනුව බස් රථ ධාවනයේ දී ගැටලු මතුවන බව බස් රථහිමියන් පවසයි.සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ පවතින තතත්ත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් ගැටලුවකින් තොරව බස් රථ ධාවනය කිරීමට හැකියාව පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post