News Line| Off Air
Generic placeholder image

Jun
8

තවත් නාවිකයින් 34ක් සුවය ලබයි

563 Views


තවත් නාවිකයින් 34ක් සුවය ලබයි

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 34 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 522 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත


News Articles
Latest Videos
Most Popular Post