News Line| Off Air
Generic placeholder image

Jun
8

වැසි තත්වය තවදුරටත්

1700 Views


වැසි තත්වය තවදුරටත්

නිරිත දිග‍ මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවලට මිලිමීටර 50 ඉක්මවු තරමක වැසි ඇති වෙයි.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් දක්වා වැඩි විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post