News Line| Off Air
Generic placeholder image

Jun
8

කොළඹ-ගම්පහ ඇතුළු සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට යළි ක්‍රියාත්මකයි

917 Views


කොළඹ-ගම්පහ ඇතුළු සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට යළි ක්‍රියාත්මකයි

සියලුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා අද(08) සිට සමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රවාහන සීමා පනවා තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද සමාන්‍ය පරිදි මගී ප්‍රවහන සේවා සිදුකරන බවයි.

කෙසේවුවද පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විමට නියමිතව තිබේ.

මේ අතර අද සිට සියලුම කාර්යාල හා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනයට එක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ ගමනා ගමන මණ්ඩලය සතු සියලු බස් රථ අද සිට ධාවනයට එක් කර ඇති බවයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ මගී ප්‍රවාහනයේ දී දුරස්ථභාවය සම්බන්ධයෙන් ලබා දි ඇති උපදෙස් ක්‍රියාත්මක විම පෞද්ගලික බස් රථවලට පමණක් සිමා විම කණගාටුවට කරුණක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post