News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

බස් ගාස්තු වැඩි නොකරන බවට සියලු බස් සංගම් එකඟ වෙයි

694 Views


බස් ගාස්තු වැඩි නොකරන බවට  සියලු බස් සංගම් එකඟ වෙයි

බස් ගාස්තු වැඩි නොකිරීමට සියලු බස් සංගම් ඊයේ (08) දින එකඟ විය. එමෙන්ම ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ පැවැත්විය.

යාන්ත්‍රික දෝෂ සහිත බස් අලුත්වැඩියාවට ලක්ෂ 3ක ණයක් ලබා දීමට එහිදී තීරණය විය.

ප්‍රමාද වූ ලීසිං වාරික සඳහා සහන කාලයක් මෙන්ම කල් ඉකුත් වූ රක්ෂණ සඳහා මාස 3ක රක්ෂණ කාලය දීර්ඝ කිරීමටත් තීරණය කෙරිණි.

මින් ඉදිරියට බස් රථවල ගමන් කළ හැක්කේ ආසන ගණනට පමණි.

වාහන තදබදය අඩු කිරීමට රජය හා පෞද්ගලික ආයතන රාජකාරී ආරම්භ කරන වෙලාව වෙනස් කිරීම ගැන ද අවධානය යොමුව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post