News Line| Off Air
Generic placeholder image

Jun
9

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවල ධාවන බලපත්‍රය අහෝසියි

783 Views


සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවල ධාවන බලපත්‍රය අහෝසියි

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැන දෙමින් බස් රථ ධාවනය විය යුතු බවයි.

ආසනගත මගීන් ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීම සඳහා දීප ව්‍යාප්තව විශේෂ කණ්ඩායම් අනියුක්ත කර ඇතැයි ද එම කොමිෂන් සභාව පැවසුවේ ය.

මේ අතර මගී ප්‍රවාහන සඳහා පවතින බස් රථ ප්‍රමාණවත් නොවන අවස්ථාවල පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ දැනට එවැනි බස් රථ 3500 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ය. එම බස් රථ අවශ්‍ය වූ විගස ධාවනයට එක් කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

මේ අතරෙ මගී අවශ්‍යතාව අනුව නගරාන්තර දුම්රියන් ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post