News Line| Off Air
Generic placeholder image

Jun
9

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

763 Views


අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද(09) දින නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක නිකුත් කරන බවයි.

මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය නිර්දේශ තමන් වෙත භාර දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ දිනයක් මැතිවරණ දිනය ලෙස නම් කරන බවයි ඔහු පැවසුවේය.

කෙසේවුව ද එළඹෙන ජුනි 20 වැනිදා මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඡන්ද විමසීම් කාලය තුළ රජයට, රාජ්‍ය සංස්ථාවලට, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපල භාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දේපල කිසියම් පක්ෂ කණ්ඩායම් හෝ අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධා වන පරිදි හෝ යොදා ගැනීම වැළැක්වීමට අදාළ විධිවිධාන එහි ඇතුළත් වෙයි.

මේ අතර රජයේ ආයතන ප්‍රධානීන් අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හෝ වෙනත් නිලධාරීන් දේශපාලන කාර්යයන්වල නිරත නොවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඊයේ අවධාරණය කර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post