News Line| Off Air
Generic placeholder image

Jun
9

ලොව පුරා කොරෝනා මැඩලු රටවල් අතරට ආ නවතම රට

809 Views


ලොව පුරා කොරෝනා මැඩලු රටවල් අතරට ආ නවතම රට

නවසීලන්තය තුළ කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේ්දනය කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා විමක් සිදුවි නොමැති බවයි.

සෞඛ්‍ය අංශවල නිගමනයට අනුව මේ වන විට නවසිලන්තය කොවිඩ් නයින්ටීන් වසංගතය සම්පුර්ණයෙන් පාලනය කළබවට නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව නවසීලන්ත සෞඛ්‍ය අමාතංශ්‍යය නිවේදනය කර තිබේ.

නවසීලන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1504 වන අතර ඉන් ආසාදිතයන් 1482 කු සුවය ලබා ඇත.

වෛරසය ආසාදනය විමෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 22 ක් බව විදෙස් වාර්තා වල දැක්වේ


News Articles
Latest Videos
Most Popular Post