News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

මෙරටින් හදුනාගත් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

516 Views


මෙරටින් හදුනාගත් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

මෙරටින් මෑතකදී හදුනාගත් අඩුම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (09) වාර්තා තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවුසවේය.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1057 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

කෙසේවෙතත් අයි.ඩී.එච්,වැලිකන්ද, හෝමාගම, මුල්ලේරියාව, ඉරණවිල, කාතාන්කුඩි, වැලිසර, මිනුවන්ගොඩ, හම්බන්තොට, තෙල්දෙණිය සහ පනාගොඩ යුධ හමුදා යන රෝහල්වල තවදුරටත් ආසාදිතයින් 791 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ වන විට කොවිඩ් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 866 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 563දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් අතරින් කොවිඩ් ආසාදිතයින් 595 දෙනෙකු මේ වන විට හදුනාගනෙ තිබේ.


News Articles
Latest Videos
Most Popular Post