News Line| Off Air
Generic placeholder image

Jun
11

මේ වසරේ ගෝලීය සාම දර්ශකයේ ලංකාවට 77 වන තැන

649 Views


මේ වසරේ ගෝලීය සාම දර්ශකයේ ලංකාවට 77 වන තැන

2020 ගෝලීය සාම දර්ශකය නිකුත් කර තිබේ. මෙවරත් ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි.

නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් එම දර්ශකයේ පළමු ස්ථාන 10 අතර පසුවේ.

එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එම දර්ශකයේ 72 වැනි ස්ථානය හිමිව තිබුණි.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව ස්ථාන පහකින් පහළට ගොස් තිබේ. ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදු වූ බලපෑම, මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% කි.

ඉන්දියාව එහි 139 වන ස්ථානයේ පසුවන අතර එය ඉකුත් වසරට සාපේක්ෂව ස්ථාන 2 කින් ඉදිරියට යාමක් ය.

ලොව ගැටුම්කාරීම රටවල් අතරට අයත් වන්නේ ලිබියාව, සෝමාලියාව, යේමනය, දකුණු සූඩානය, ඉරාකය, සිරියාව සහ ඇෆ්ගනිස්ථානයයි.

ඒ අනුව රටවල් 81 ක සාමකාමී වාතාවරණයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි.

එහෙත් එම දර්ශකයට අනුව රටවල් 80 ක සාමකාමී බව පහත වැටී තිබේ.

ඊට බලපෑ ප්‍රධාන හේතු ලෙස පෙන්වා දී ඇත්තේ, ආරක්ෂාව අවම වීම, දේශපාලන අස්ථාවරභාවය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමයි


News Articles
Latest Videos
Most Popular Post