ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලේ.