News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

පාසල් නිල ඇඳුම් පිළිබඳ අවසන් තීරණය සදහා කමිටුවක්

689 Views


පාසල් නිල ඇඳුම් පිළිබඳ අවසන් තීරණය සදහා කමිටුවක්

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට රජය තීරණය කර තිබේ.

ඊයේ (10) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම වෙනුවට “වව්චර් පත් “ ලබාදීමට පසුගිය රජය කටයුතු කරනු ලැබීය.

කෙසේවෙතත් “වව්චර් පත්“ ලබාදීම වෙනුවට නිල ඇඳුම් ලබාදීමේදී රුපියල් මිලියන 540ක පමණ ලාභයක් අත්කර ගැනිමට හැකියාව පවතින බව දේශිය ව්‍යාපාරිකයින් පිරිසක් පසුගියදා පෙන්වා දී තිබේ.

අදාළ වැඩපිළිවෙල පිළිබඳව ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට ජනාධිපති භෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කොට නිල ඇඳුම් ලබාදිමේ සුදුසු ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ


News Articles
Latest Videos
Most Popular Post