News Line| Off Air
Generic placeholder image

Jun
11

විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

661 Views


විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

විශ්වවිද්‍යාල වසා තැබුණ ද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මඟින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින්, නේවාසිකාගාර ගාස්තු, දුරකථන ගාස්තු වැනි වියදම් දැරිය යුතුව ඇති බැවින් මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත අදාළ ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

යෝග්‍ය පරිදි අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (11) පැවති මාධ්‍ය හමුවේදී පැවසිනි.

සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවෙන් 50%ක් එනම් සිසුන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් මහපොළ ශිෂ්‍යත්වලාභීන්ය.

එක් ශිෂ්‍යයෙකුට මාසිකව රුපියල් 5,000ක් බැගින් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 160ක මුදලක් මාසිකව වැය කරනු ලබයි.

එම මුදලින් 51%ක් මහපොළ අරමුදලින්ද ඉතිරි 49% මහා භාණ්ඩාගාරය විසින් ද දරනු ලබයි


News Articles
Latest Videos
Most Popular Post