කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ආගමික ස්ථානවල කටයුතු සිදු කිරීම මාස 03කට අධික කාලයක් නවතා තිබුණා. කෙසේ වෙතත් අද සිට රජය සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් වලට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් සීමාකරමින් ආගමික ස්ථානවල ආගමික කටයුතු අද සිට ආරම්භ කෙරෙන අතර සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල දුරස්ථභාවය රැකගැනීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.
මේ අතර මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉස්ලාම් දේවස්ථානවල පස්වේලේ ඉමාම් ජමාත්, ජුම්මා සලාතය, නිකා මජරිස් ඇතුළු සිකුරාදා පැවැත්වෙන සාමූහික දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම් බවයි.