News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

අදියර 03 ක් යටතේ දහම් පාසල් ආරම්භ කිරීමටත් අවසර

2296 Views


අදියර 03 ක් යටතේ දහම් පාසල් ආරම්භ කිරීමටත් අවසර

කොරෝනා වෛරසය හේතුවෙන් නවතා තැබුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස ආරම්භ කිරීමට තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා සහ 03 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ආරම්භ කෙරෙන්නේ ජූලි මස 26 වැනිදායි. එමෙන්ම පාසල් වල 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසුව එන ඉරුදින දහම් පාසල් 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post