බොලිවුඩයේ දක්ෂ නළුවෙකු වූ සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබෙනවා. මුම්බායිහි පිහිටි සිය නිවසේ දී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
දක්ෂ රෝමාන්තික චිත්‍රපට නළුවෙකු වූ ඔහු ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ චරිතාපදානය මූලික කරගත් චිත්‍රපටයේ දෝනිගේ චරිතයට පණ පෙව්වේ මොහුය. ඔහු රංගනයෙන් දායක වූ ච්ත්‍රපට කිහිපයක් නම් Kai Po Che! ,Shuddh Desi ,Romance, PK , Detective Byomkesh Bakshy, M.S. Dhoni: The Untold Story, Raabta, Welcome to New York , Kedarnath, Sonchiriya
Chhichhore, Drive. මේ අතර Dhil Bechara තිරගත නොවූ චිත්‍රපටයට ද මොහු රංගනයෙන් දායක වී තිබෙනවා.
මිය යන විට මොහු 34 හැවිරිදි වියේ පසුවූවා..



