News Line| Off Air
Generic placeholder image

Jun
16

උසස් පෙළ ගැන අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු

1044 Views


උසස් පෙළ ගැන අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දීම එම දින ප්‍රකාශයට පත්කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

“කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ”.

“රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත,” යනුවෙන් ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.


News Articles
Latest Videos
Most Popular Post